ආණමඩුවේ 14 හැවරිදි බාල වයස්කාර දැරිවියක් ලැගුම්හලකට ගෙනගොස් 04 පාරක් දුෂණය කරලා
බාල වයස්කාර දැරිවියක් දුෂණය කිරීමට අවස්ථාව ලබා දුන් බව කියන ලැගුම්හල් හිමියෙකුව අත්අඩංගුවට ගෙන ඇති හලාවත පොලීසිය එම දැරිවිය දුෂණය කර පලා ගොස් ඇති බව කියන සැකකරුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව – දකුණු පාලියාලම පදිංචි වයස අවුරුදු 14 යි මාස 06 ක් වන බාල වයස්කාර දැරිවියකි.සම්පුර්ණ විස්තරය පහතින්..
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – පුත්තලම පාරේ පවත්වා ගෙන යන ලැගුම්හලක හිමිකරුවෙකුවය.
පසුගිය 09 වැනිදා රාත්රී 9.00 ත් 10 වැනිදා අළුයම 4.30 ත් අතර කාලය තුළ හලාවත – පුත්තලම පාරේ පිහිටි ලැගුම්හලකදී මෙම අපරාධය සිදුවී ඇති බව විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරීන් සදහන් කරයි.
අතවරයට පත්ව ඇති දැරිවිය ආණමඩුව – දකුණු පාලියාගම පදිංචිව සිටි දැරිවියකි.
ඇයගේ මව්පියන් විසින් තම දියණියව කොළඹ – ඔබේසේකරපුර ප්රදේශයේ පදිංචි පවුලකට හදා වඩා ගැනීම සදහා බාර දී ඇත. නමුත් එම නිවසේ විසීමට නොහැකි බව පවසමින් දැරිවිය පසුගිය දිනක ආපසු තම මව්පියන් සොයා ආණමඩුවට පැමිණ ඇත.
නමුත් තමන්ගේ පවතින ආර්ථික තත්ත්වය නිසා ආපසු ඔබේසේකරපුර නිවසට යන ලෙස මව්පියන් දැරිවියට පවසා ඇත.
ඒ අනුව පසුගිය 09 වැනිදා ආණමඩුවේ සිට හලාවතට පැමිණ ඇති දැරිවිය කොළඹ බලා බස් රථයකින් පිටත් වී ඇත.
එදින රාත්රී 9.00 ට පමණ දැරිවියව ලැගුම් හලට කැදවා ගෙන ගොස් ඇති එම පුද්ගලයා පසුදින එනම් 10 වැනිදා අළුයම 4.30 වන තුරු එහි ගත කර ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත.
සැකකරු ලැගුම්හලේදී තමාගේ අකමැත්තෙන් සිව්වරක් තමන්ව දුෂණය කළ බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.
බාලවයස්කාර දැරිවියක් හා රැයක් පහන් කිරීමට පුද්ගලයෙකුට අවසර ලබා දීම සහ එම පුද්ගලයාගේ තොරතුරු සන්තකයේ තබා නොගැනීම යන චෝදනා යටතේ ලැගුම්හල් හිමියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරිවියට අතවර කර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු සිදු කරන බව පොලීසිය කියයි.
අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්යය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත
0 comments:
Post a Comment