Search This Blog

Powered by Blogger.

Monday, July 17, 2017

මොරටු සරසවියේ නිදහසේ සිටි බල්ලන් 23 දෙනෙකු මරා දාලා ?


මිනිසාගේ ළඟම මිතුරා බල්ලා කියලා කියමක් තියෙනවා.ඒ තරමට මිනිස්සුන්ට සමීප සත්ව කොට්ඨාසයක් තමයි බල්ලා.

මනුස්සයෙකුට කොයි තරම් දේවල් කළත් එක වරදක් වුණොත් අමතක වෙනවා කියලත් බල්ලෙකුට එක පාරක් කන්න දුන්නොත් ඒක ජීවිතේ තියෙනකං ඌට මතක තියෙනවා කියලත් කතාවක් තියෙනවා.

අපි මේ විදිහට කතා කරන්න හිතුවේ මොරටුව සරසවියෙන් වාර්තා වුණු සිද්ධියක් නිසා. මොරටු කැම්පස් එකේ නිදහසේ හිටපු බලලන් අමානුෂික විදිහට අල්ලන්න හදපු සිදුවීමකුයි එහි තිබෙන්නේ.

බෙහෙතක් විඳලා ලොකු වේදනාවකින් හැමතැනම වැටි වැටී ඇඟට පණක් නැතිව බල්ලන් වේදනාවෙන් ලතෝනි දෙනවා.

මේ විදිහට බල්ලන් 23 දෙනෙකු රැගෙන ගොස් තිබෙන අතර ඔවුන් රැගෙන ගියේ කුමන ස්ථානයකටද යන්න කිසිදු තොරතුරුක් නැති බවයි වාර්තා වන්නේ.

මොරටු සරසවියේ සිසුවෙක් අප සමග පැවසුවේ එලෙස රැගෙන ගිය බල්ලන් මේ වනවිට මරාදමා වලදමා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

හදවත් කම්පා කරන මේ සිද්ධිය ගැන සත්ව අයිතීන් සුරැකීමේ බලකාය නම් සංවිධානයක් විසින් හොයලා බලන්න මොරටුව සරසවියට ගියත් මේ වැඩේ කරන්නේ කවුද, මේ සත්තු අරන් යන්නේ කොහෙටද කියන එක එතන ආරක්ෂක අංශයේ කවුරුත් දැනගෙන ඉඳලා නෑ.

කොහොම වුණත් ජපුර, වගේම කලුබෝවිලත් මේ විදිහටම සිද්ධි ඇතිවුණා කියලයි ඔවුන් අපිට කිව්වේ.

මෙම සිද්ධියට විරෝධය පා මොරටු සරසවියේ සිසුන් පිරිසක් උද්ඝෝෂණයක්ද සිදුකිරීමට නියමිත බවයි අපට වාර්තා වුණේ. මෙම සතුන්ගෙන් කරදරයක් සිදුවනවානම් නිසි ක්‍රමවේදයක් යටතේ ආරක්ෂිතව ඔවුන්ට හිංසාවක් නොමැතිව අදාල ස්ථානයකට රැගෙන යාම බලධාරීන් සතු වගකීමක් නොවේද..? මෙම වීඩියෝව නරඹන ඕනෑම කෙනෙකුට හදවත් සංවේදී වන්නේ එම සත්වයා විඳින වේදනාව හදවතට දැනෙන නිසාවෙන්.

සතෙකුට මේ විදිහට හිංසා කරන එක කිසිම විදිහකින් අනුමත කරන්න බෑ.

සරසවි සිසුවියක් විසින් අදාල සිද්ධියේ වීඩියෝ පෙලක් මුහුණුපොත හරහා මුදාහැර තිබුණත් එය ඇයටද ඉවත්කිරීමට බලපෑමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බුදුන් වැඩි පිංබිමක මෙවැනි පව්කාර සිදුවීම් ඇතිවීම කණගාටුවට කරුණක් බවයි සිද්ධිය ගැන අදහස් දක්වමින් සරසවි සිසුන් බොහෝ දෙනෙකු පැවසු ෙව්.අදාල සිදුවීමට අදාල වීඩියෝවක් පහතින්.



ෆේස්බුක් එකෙන් කෙල්ලෙක්ට Room යන්න කතාකරපු කොල්ලෙක් අවරුදු 5කට හිරේ යවයි


ෆේස්බුක් එකෙන් කෙල්ලෙක්ට Room යන්න කතාකරපු කොල්ලෙක් අවරුදු 5කට හිරේ යවයි ඔන්න කොල්ලනේ පරිස්සමෙන් Chat කරන්නේ මෙන්න විස්තරේ කට තියන පලියට දොඩවන්න ගියාම මේක තමයි වෙන්නේ


පාවිච්චි කරපු උපත් පාලන රබර්කොපු නිසා රාජ්‍ය ආයතනයක වැසිකිළි හිරවෙලා


අනුරාධපුරයේ පිහිටි රාජ්‍ය ආයතනයක සේවකයන් දෛනිකව භාවිතයට ගන්නා වැසිකිලි පද්ධතියේ වල තුල තිබී භාවිතයට ගත් උපත් පාලන රබර් කොපු විශාල ප‍්‍රමාණයක් හමුවීමෙන් එම ආයතනයේ සේවයේ නියුතු නිලධාරිනියන් හා නිලධාරින් විශාල පිරිසක් විමතියට පත්ව ඇත.

අනුරාධපුර ඞීඑස් සේනානායක වීදියේ පිහිටි බව කියන මේ රාජ්‍ය ආයතනයේ වැසිකිලි පද්ධතියේ මළ අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොවීම නිසා වැසිකිලි වල ශුද්ධ පවිත‍්‍ර කළ අවස්ථාවේ මෙකී උපත් පාලන කොපු තොගය හමුවී තිබේ. යන්ත‍්‍රයේ ක‍්‍රියාකරු විසින් බටය දැඩි ලෙස පරික්ෂාවට ලක්කරද්දී පාවිච්චියට ගන්නා ලද උපත් පාලන රබර් කොපු විශාල ප‍්‍රමාණයක් එකට එක්කාසු වී බෝලයක් ලෙස සිරව තිබෙන අයුරු දැක තිබේ.


අදාළ ආයතනයේ සේවයේ නියුතු නිලධාරියෙකු පැවසූවේ දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරන ලද උපත් පාලන කොපු විශාල ප‍්‍රමාණයක් වැසිකිලි වලට දැමීම හේතුවෙන් ඒවා සිරවී වැසිකිලි පද්ධතිය අක‍්‍රීය වී ඇති බවයි. ආයතනයට අයත් වැසිකිලි පද්ධති කිහිපයක්ම තිබෙන බවත් ඒවා පිටස්තර පුද්ගලයන් භාවිතා නොකරන බවද ඔහු පැවසුවේය. රාජ්‍ය ආයතනයක් තුළ නිර්භයව නිර්ලජ්ජිත මෙවැනි ක‍්‍රියා සිදුකරන්නේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බව සේවක මතයයි. ආයතනය තුළ වැඩියෙන්ම අතිකාල රාජකාරී සේවාවල යෙදී ඇත්තේ කවුරුන්ද යන්න සොයා බැලූවහොත් මෙම උපත් පාලන කොපු තොගයේ අයිතිකරුවන් කවුරුන්ද යන්න සොයා ගතහැකි බව සේවකයින්ගේ අදහසයි.

Sunday, July 16, 2017

ICU එක ඇතුලෙම දරුවා ප්‍රසුත කර පැයක් යන්නත් කලින් මවදුෂණය කරයි දරාගත නොහැකින කාන්තාව මියයයි


දරුවා ප්‍රසුත කර පැයක් යන්නත් කලින් මව ICU එක ඇතුලෙම දුෂණය කරයි දරාගත නොහැකින කාන්තාව මියයයි සියල්ලම රෝහලේ සවිකර තිබු CCTV කැමරාවේ සටහන් වෙයි වැඩි විස්තර සහිත වීඩියෝව මෙන්න

Wednesday, July 12, 2017

අවරුදු 25කට පසු ඉරාකයේ පැවැත්වුණු රූ රැජින තරඟයෙන් දිනපු කෙල්ලෙට අයිඑස් කාරයෝ කරන්න යනදේ මෙන්න



අවරුදු 25කට පසු ඉරාකයේ පැවැත්වුණු රූ රැජින තරඟයෙන් දිනපු කෙල්ලෙට අයිඑස් කාරයෝ කරන්න යනදේ මෙන්න අයිඑස් කාලකන්නි කෙල්ල දිනපු දවසෙම දුන්න කෝල් එකෙන් කියපු දේ බලන්නකෝ පුදුම ඇම්මක් මුන්ට තියෙන්නේ පුදුම කාලකන්නි ජාතියක් මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව


Tuesday, July 11, 2017

ආණමඩුවේ 14 හැවරිදි බාල වයස්කාර දැරිවියක් ලැගුම්හලකට ගෙනගොස් 04 පාරක් දුෂණය කරලා



බාල වයස්කාර දැරිවියක් දුෂණය කිරීමට අවස්ථාව ලබා දුන් බව කියන ලැගුම්හල් හිමියෙකුව අත්අඩංගුවට ගෙන ඇති හලාවත පොලීසිය එම දැරිවිය දුෂණය කර පලා ගොස් ඇති බව කියන සැකකරුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව – දකුණු පාලියාලම පදිංචි වයස අවුරුදු 14 යි මාස 06 ක් වන බාල වයස්කාර දැරිවියකි.සම්පුර්ණ විස්තරය පහතින්..

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – පුත්තලම පාරේ පවත්වා ගෙන යන ලැගුම්හලක හිමිකරුවෙකුවය.

පසුගිය 09 වැනිදා රාත්‍රී 9.00 ත් 10 වැනිදා අළුයම 4.30 ත් අතර කාලය තුළ හලාවත – පුත්තලම පාරේ පිහිටි ලැගුම්හලකදී මෙම අපරාධය සිදුවී ඇති බව විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරීන් සදහන් කරයි.

අතවරයට පත්ව ඇති දැරිවිය ආණමඩුව – දකුණු පාලියාගම පදිංචිව සිටි දැරිවියකි.

ඇයගේ මව්පියන් විසින් තම දියණියව කොළඹ – ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි පවුලකට හදා වඩා ගැනීම සදහා බාර දී ඇත. නමුත් එම නිවසේ විසීමට නොහැකි බව පවසමින් දැරිවිය පසුගිය දිනක ආපසු තම මව්පියන් සොයා ආණමඩුවට පැමිණ ඇත.

නමුත් තමන්ගේ පවතින ආර්ථික තත්ත්වය නිසා ආපසු ඔබේසේකරපුර නිවසට යන ලෙස මව්පියන් දැරිවියට පවසා ඇත.

ඒ අනුව පසුගිය 09 වැනිදා ආණමඩුවේ සිට හලාවතට පැමිණ ඇති දැරිවිය කොළඹ බලා බස් රථයකින් පිටත් වී ඇත.

එදින රාත්‍රී 9.00 ට පමණ දැරිවියව ලැගුම් හලට කැදවා ගෙන ගොස් ඇති එම පුද්ගලයා පසුදින එනම් 10 වැනිදා අළුයම 4.30 වන තුරු එහි ගත කර ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත.

සැකකරු ලැගුම්හලේදී තමාගේ අකමැත්තෙන් සිව්වරක් තමන්ව දුෂණය කළ බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

බාලවයස්කාර දැරිවියක් හා රැයක් පහන් කිරීමට පුද්ගලයෙකුට අවසර ලබා දීම සහ එම පුද්ගලයාගේ තොරතුරු සන්තකයේ තබා නොගැනීම යන චෝදනා යටතේ ලැගුම්හල් හිමියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැරිවියට අතවර කර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු සිදු කරන බව පොලීසිය කියයි.

අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍යය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත